“ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල” පෙබරවාරි 12 වැනිදා
ගුවන්විදුලි මාධ්‍ය නියුක්තිකයන් රාජ්‍ය මට්ටමින් අගයනු වස් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි උපදේශක සභාව මඟින් සංවිධාන කරනු ලබන “ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල” මෙවර ද පැවැත්වීමට නියමිත ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම උළෙල පෙබරවාරි 12 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙනු ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලු ගුවන්විදුලි නාලිකා (රාජ්‍ය/පෞද්ගලික) සඳහා විවෘත මෙම සම්මාන උළෙලේ දී ප්රවෘත්ති හා කාලින, විවිධ වැඩසටහන් ආකෘති, ගුවන්විදුලි නාට්‍ය, වෙනත් සම්මාන යන අංශ යටතේ සම්මාන පිරිනැමීමට නියමිත ය.