නිරෝෂා මව් පදවියට සුදානමින්
ජනප්රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ නර්තන ශිල්පිනියක ලෙසින්.
මේ දිනවලදී ඇය රංගනයෙන් වගේම නර්තනයෙන් මදක් ඈත් වී සිටින වගක් ආරංචි වෙනවා.
නිරෝෂා, උතුම් මව් පදවිය ලැබීමට සුදානමින් පසුවීම ඊට හේතුව බවයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ.
මේ සම්බන්ධයෙන් ප්රධාන පෙලේ සති අන්ත පුවත්පතකට ඇය පවසා තිබුණේ අලුතින් පවුලට එක්වීමට සිටින සාමාජිකයා දුවක් ද පුතෙක් ද කියලා කලින් සොයා බලන්නේ නැතිව ලැබෙන කෙනා සතුටින් බාර ගන්නා බවයි.