ඉතිහාසය පුරාම 'ඉහළින් ආපු නියෝග' මත සිදු වූ, සිදු කළ සහ වර්තමානයේ සිදුවෙමින් පවතින දෑ බොහෝය. එමෙන්ම අනාගතයේදී ද ඉහළින් පැමිණන නියෝග මත සිදු වීමට නියමිත දෑ බොහෝය. එලෙස මෙතෙක් කළක් 'ඉහළින් ආපු නියෝග' මත සිදු වූ සියල්ලද, එම ඉහළ නියෝග දුන් සියල්ලන්වද අප සමාජයක් ලෙස හදුනන'මුත් අප නන්නාඳුනන සේ නිර්වින්දිතව මේ කුඩා දූපත තුළ හෘදසාක්ෂිය ගලවාගෙන ජීවත් වූවෝ වෙමු. ජීවත් වෙමින්ද සිටිමු. එලෙස තවදුරටත් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පෙනෙන්න්ට ඇත. ඉතිහාසය පුරාවට එකී 'ඉහළින් ආපු නියෝග' ක්‍රියාත්මක කරවූවන්ද, යුක්තිය ඉදිරියේ කෙටි කළකට චූදිතයන් ලෙස නම් කෙරුණු අතර පසුව තවදුරටත් ඔවුන් 'ඉහළින් එන නියෝග' මත රජගෙයි වංගුවෙන් හැරී විනිර්මුක්තිය කරා ගොස් තිබේ. වර්තමානයේද චූදිතයින් රජගෙට ය'නෙනු පෙනේ. එමෙන්ම චූදිතයින් අනාගතයේද රජගෙට ය'නෙනු ඇත. අප සමාජයක් ලෙසත්, හෘදසාක්ෂියක් සහිත මිනිසුන් ලෙසත් මේ සියල්ලම දන්නාමුත් නන්නාඳුනනා 'ඉහළින් ආපු නියෝග' මත සෑම කල්හිම වින්දිතයින් හාමතේ මියෙනු ඇත. සුදු පිරුවට හැඳි රතු, නිල් සහ කොල පාට පක්ෂ හෝ පුද්ගලයින් කිසිවෙක් මේ කිසිවක් සම්බන්ධයෙන් සත්‍ය සපථ කරනු ඇතැයි සිතිය නොහැකිය. සමාජයක් ලෙස අප තවදුරටත් 'ඉහළින් ආපු නියෝග' හේතුවෙන් අපගේ හෘදසාක්ෂිය ගලවාගෙන වින්දිතයින්ට හාමතේ බංකුවේ මියැදෙන්න ඉඩ දෙමුද?
කසුන් පුස්සෙවෙල පද රචනයකට අනුව චිත්‍රාල් සෝමපාල, රෝහිත ජයලත්(ජයශ්‍රී), ශිරාස්(රූඩ් බෝයි ලන්කන්), නදී වාසලමුදලිආරච්චි, නදී කම්මැල්ලවීර, හේමාල් රණසිංහ, මිහිඳු ආරියරත්න ගායනා කරන “ඉහලින් ආපු නියෝගේ” සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි විසිනි.
Audio Mixed by - Dinesh Ekanayake & Asha Rajapakshe,
Drums - Shehan Peiris,
Bass Guitar - Malik D,
Key Board - Asha Rajapakshe,
String Sections - Ajith Kumarasiri,
Graphics - Sumuditha Krishantha,
Lyrics & Produced By - Kasun Pussewela.