ඉරාක ලේඛක අලා මශ්සුබ් ඝාතනය කෙරේ
ඉරාක ලේඛකයෙක් සහ නවකතාකරුවෙක් වන අලා මශ්සුබ් වෙඩි තබා ඝාතනය කර තිබේ.
දැඩි ආරක්ෂක රැකවල් ලා ඇති කර්බාලා නුවර, සිය නිවස ආසන්නයේ දී ඔහු මරා දමා ඇත්තේ පසුගිය සෙනසුරාදා ය.
නන්නාදුනන තුවක්කුකරුවෙක් විසින් 13 වතාවක් අලා මශ්සුබ්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉරාකයේ ප්‍රකට පුවත්පත් කිහිපයකම සේවය කර ඇති ඔහු නවකතාකරුවෙක් ලෙස ද නමක් දිනා ගෙන සිටියේ ය.