වසරකට ඩොලර් මිලියන ගණනක් ඉපැයූ නිරූපන ශිල්පිනිය මහපාරට වැටෙයි
තමන් අත්කරගත් වෘත්තියමය සාර්ථකත්වය මත වසරකට ඩොලර් මිලියන ගණනක ආදායමක් ඉපැයූ ඉතා ජනප්රිය නිරූපන ශිල්පිනියක් මේ වනවිට ජිවත් වීමට නිවසක් පවා නොමැතිව ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර විදියක වෙසෙන බවට එක්සත් රාජධානි පුවත්පතක් වාර්තා කරනවා.
57 හැවිරිදි නස්ටාෂියා උර්බානෝ නම් ඇය 1980 ගණන්වලදී ජනප්රිය තලයේ වැජඹුණු නිරුපිකාවක් වන අතර වෝග් සඟරාව වෙනුවෙන් පවා ඇය නිරුපනයෙන් දායක වුවා ය.
එසේම Yves Saint Lauren සුවඳ විලවුන් ප්රචාරණ කටයුතු වෙනුවෙන් ද පෙනී සිටියා ය.
සිය ස්වාමි පුරුෂයා මුණගැසුණු පසු තම ජීවිතය වෙනස් වීමට පටන් ගත් බව නස්ටාෂියා චෝදනා කරයි.
ඇගේ ආදරයෙන් අයුතු ප්රයෝජන ගත් ඔහු ඇය සන්තකයේ තිබුණු මිල මුදල් අවසන් වූ පසු ඇය අත්හැර ගිය බව ඩේලි මේල් පුවත්පතට පවසා තිබේ.
නස්ටාෂියාගේ වත්මන් තත්වය පිළිබඳ ආරංචි වූ ඇගේ පැරණි මිතුරන් ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති බවත් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
https://mirrorarts.lk/news/4757-nastasia-urbano#sigProIdd10613e9dc