හසුන්ගේ Screwjack ජාත්‍යන්තර සිනමා උළෙලකට
තරුණ නිර්මාණශිල්පී හසුන් සමීරගේ කුළුඳුල් කෙටි චිත්‍රපටය “Screwjack”, ජාත්‍යන්තර කෙටිචිත්රපට උළෙලක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.
අදින් (07) ආරම්භ වී එළඹෙන 10 වැනිදා තෙක් ඇමරිකාවේ නිව්යෝක් නුවර දී පැවැත්වෙන ටුවෙන්ටි වන් අයිලන්ඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙල සඳහා මෙම චිත්‍රපටය තේරී පත්වී ඇති අතර ඒ අනුව Screwjack එළඹෙන 9 වැනි සෙනසුරාදා සවස 5 ට ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
තෙවැනි වරට පවත්වනු ලබන මෙම සිනමා උළෙල සඳහා ඉදිරිපත් වූ 1500 කට ආසන්න කෙටි චිත්‍රපට අතුරින් රටවල් 21 ක් නියෝජනය කෙරෙමින් චිත්‍රපට 38 ක් උළෙලට සුදුසුකම් ලබා ඇත. මෙය Screwjack නිර්මාණයේ පළමු ජාත්‍යන්තර නියෝජනය වේ.
හේමසිරි ලියනගේ, සංජීව උපේන්ද්‍ර , දිලිනි ලක්මාලි තිරිමාන්න මෙහි රංගන දායකත්වය සපයා තිබේ.
Screwjack හි නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ තිර රචනය සමීර හසුන් විසින් සිදු කර ඇති අතර කැමරාකරණය චින්තක සෝමකීර්ති, සංස්කරණය චන්දන ලියනගේ, සංගීතය පාලිත අබේරත්න, කලා අධ්‍යක්ෂණය සංජීව කරුණාරත්න, අංග රචනය මලික් ජයසිංහ, ශබ්ද සංකලනය පුබුදු ධනංජය, වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍ර, නිෂ්පාදන කළමනාකරු රංජිත් සුරංග, සහාය අධ්‍යක්ෂණය බුද්ධික අබේරත්න, විධායක නිෂ්පාදනය සහන් වික්‍රමසිංහ විසිනි.