ප්‍රවීන බ්‍රිතාන්‍ය ලේඛිකා පිල්චර් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන බ්‍රිතාන්‍ය ලේඛිකා රොසමුන්දේ පිල්චර් අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්වයක් නිසා මියයන විට ඇගේ වයස අවුරුදු 94 කි.
1949 පටන් විශ්‍රාම යනතෙක් එනම්, 2000 වසර වනතෙක් ග්රන්ථ 30 කට වැඩි ප්‍රමාණයක් මෙම නවකතාකාරිනිය විසින් රචනා කර ඇත.
පිල්චර් විසින් ලියා 1988 දී පළ කළ “ෂෙල් සීකර්” නම් නවකතාව ජාත්‍යන්තර ඇගයීමට පවා ලක් වූ අතර එහි පිටපත් මිලියන 5 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී තිබේ.
බ්‍රිතාන්‍යයේ වැඩිම ආදායමක් උපයන තැනැත්තියක ලෙසින් ද වරෙක ඇය හැඳින්වූවා ය.