ලංකාවෙන් දෙදෙනෙක් බර්ලින් සිනමා උළෙලට
67 වැනි වරට සංවිධාන කරන බර්ලින් සිනමා උළෙල මේ දිනවල ජර්මනියේ බර්ලින් නුවර දී පැවැත්වෙනවා.
පසුගිය 7 වැනිදා ඇරඹි මෙම උළෙල නියෝජනය කිරීම සඳහා මෙරට තරුණ කලාශිල්පීන් දෙදෙනෙකුට ද අවස්ථාව උදා වී තිබෙනවා.
ඒ අනුව සංස්කරණශිල්පී සමන් ඇල්විටිගල සහ කලා අධ්යක්ෂ බිමල් දුෂ්මන්ත බර්ලින් උළෙලට නියෝජනය සඳහා එරට බලා පිටත්ව ගොස් තිබෙනවා.
භුතාන ජාතික අධ්යක්ෂ ටාෂි යෙල්ට්ෂෙන්ගේ අධ්‍යක්ෂණයක් වන සමන් ඇල්විටිගල සංස්කරණය කළ ‘The Red Phallus’ සිනමාපටය වෙනුවෙන් සමන් ඇල්විටිගල මෙවර සිනමා උළෙලට සහභාගී වේ. ලොව ප්රමුඛ පෙලේ සිනමා උළෙල කිහිපයකදීම මෙම සිනමා කෘතිය ඇගයීමට පත් වී ඇත.
කලා අධ්යක්ෂ බිමල් දුෂ්මන්ත නියෝජනය කරනු ලබන්නේ “බර්ලින් ටැලන්ට් කැම්පස්” වැඩසටහන යි. එහිදී රටවල් 100 කට අධික සංඛ්‍යාවකින් තෝරාගන්නා ශිල්පින් 250 දෙනා අතරට ඔහු තේරී පත්වී තිබේ.
බර්ලින් සිනමා උළෙල එළඹෙන 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.