“නැණිල සාහිත්‍ය සම්මාන උළෙල” හෙට
නවක ලේඛක ලේඛිකාවන් සාහිත්‍ය ක්ෂේත්රයට හඳුන්වාදීමේ අරමුණු පෙරදැරිව සංවිධාන කෙරෙන “නැණිල සාහිත්‍ය සම්මාන උළෙල” පෙබරවාරි 13 වැනිදා එනම් හෙට දින පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 3 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාර යේ දී ය.
“නුතන සාහිත්‍ය අධ්‍යනය කිරීමෙහි ලා සම්භාව්‍ය සාහිත්‍ය කතිකාවේ අදාලත්වය” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශ කථිකාචාර්ය චින්තක රණසිංහ විසිනි. ලේඛක ට්‍රෝයි මහමොහොට්ටාල විසින් “නූතන කාව්‍යක්කාර පරපුරේ නිර්මාණ කෞශල්‍ය” යනුවෙන් දේශනාවක් පවත්වනු ලැබේ.
දෙවැනි වරට සංවිධාන කෙරෙන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සිටින නවක ලේඛක ලේඛිකාවන්ගේ කුළුඳුල් නිර්මාණ අත්පිටපත් කැඳවා තිබුණි.
ඒ අතුරින් හොඳම නවකතා, කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ තෝරා නැණිල ප්‍රකාශන ලෙස ප්‍රකාශයට පත් කරන අතර විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් සම්මාන, සහතික ඇතුළු මුදල් ත්‍යාග ද පිරිනැමනු ලැබේ