“මට කිසිදිනක නිදා ගැනීමට නොහැකි වේවි ඒ විල් ස්මිත්ගේ වැරැද්දෙන්,”
ලොව පුරා වෙසෙන සිනමා රසිකයින්ගේ තවත් එක් පැතුමක් ඉටු කරන්නට පසුගියදා ඩිස්නි සමාගම කටයුතු කළා.
ඒ ඔවුන්ගේ නවතම සිනමා නිෂ්පාදනය වන “ඇලඩින්” වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී විල් ස්මිත් පණ පොවන ජිනී නම් නිල් භූතයා පළමු වරට ප්‍රේක්ෂකයින්ට දැකගන්නට සලස්වන පූර්ව ප්රචාරක පටය නිකුත් කිරීමෙන්.
කෙසේ වෙතත් රසිකයින් බහුතරයක් තමන් දුටු දෙයින් එතරම් සතුටට පත් වී නැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිචාර දැක්වීමටත් කටයුතු කර තිබුණා.
“විල් ස්මිත් පෙනී සිටින ජිනී භූතයා මගේ හීන ඇතුලේ හොල්මන් කරාවි.” “මට කිසිදිනක නිදා ගැනීමට නොහැකි වේවි ඒ විල් ස්මිත්ගේ වැරැද්දෙන්,” වැනි ට්විටර් සමාජ ජාල පණිවිඩ බොහෝ දෙනෙක් පළ කර තිබෙනවා.
ගයි රිචිගේ අධ්‍යක්ෂණයක් වන “ඇලඩින්” හි නවතම පූර්ව ප්රචාරක පටය නිකුත් කරනු ලැබුවේ පසුගියදා පැවති ග්රැමි සම්මාන උළෙල අතරතුර දී ය.
කොහොම නමුත් තවත් රසිකයින් පිරිසක් ප්‍රකාශ කර සිටින්නේ සිනමා කෘතිය එළිදක්වන තෙක් එනම්, මැයි මස තෙක් පූර්ව නිගමනවලට එළඹිය නො යුතු බවයි.