“ප්‍රේමවන්තයා රහසින් පව් කළ යුතු ය,” ත්රෛභූමි එළියට එන දිනය හෙට යි
“ප්‍රේමවන්තයාගේ සිතුවිලිවල ප්රාශ්වාස
Eden උද්‍යානයේ මදනලට වඩා රොමාන්තික ය
ලුම්බිණියේ සිසිලට වඩා නිස්කලංක ය
මරණයක් තරම් ගුප්ත ය
එය ප්‍රේමයේ ස්වභාවය යි
ආදරය අපගේ සිත් තුළ ඇති වන පරම රහසකි
පරම පාපය කි,
ප්‍රේමවන්තයා රහසින් පව් කළ යුතු ය.”
ට්‍රෝයි මහමොහොට්ටාල රචිත “ත්රෛභූමි” කෘතිය පෙබරවාරි 14 වැනිදා එනම් හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිත යි.
ඒ එදින සවස 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ය.
ත්රෛභූමි කවිවර ප්රකාශනයකි.