සරසවි සිනමා උළල: ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා අයදුම්පත් කැඳවේ
මෙරට සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවි සිනමා සම්මාන උළල මෙවරත් පැවැත්වීමට නියමිත අතර එහි දී පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
2018 වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද තවමත් තිරගත නොවූ අධ්යක්ෂවරයකුගේ මුල්ම සිනමා නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කළ හැකි ය.
අදාළ රැඟුම් පාලක මණ්ඩල සහතික පත්‍රය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා අවශ්‍ය වන අතර විනිසුරු මඬුල්ල සඳහා චිත්‍රපටයේ ඩී.සී.පී. පිටපතක් ඉදිරිපත් කළ යුතු බව සරසවි පුවත්පත සඳහන් කරයි.
අදාළ අයදුම්පත් මාර්තු 31 වැනිදාට පෙර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය, ප්‍රධාන කර්තෘ, සරසවිය, ලේක් හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කළ යුතු වේ.