කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල පසුගිය දින 7ක් පුරා ඉතාම සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සිනමා උළෙල සඳහා දේශීය සිනමා අධ්යක්ෂවරියන්ගේ සහ විදෙස් සිනමා අධ්යක්ෂවරියන්ගේ සිනමා නිර්මාණ මෙහිදී ප්‍රදර්ශණය විය.
අද සවස 6.30ට කොළඹ චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශ්නාවී තිරගත කිරීමත් සමග සිනමා උළෙලේ සමාප්තය සනිටුහන් කෙරේ.
මෙහිදී ලාංකේය සිනමාවේ පුරෝගාමී අධක්ෂවරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා මෙහෙය ඇගයීමට ලක් කෙරේ. වර්තමාන පරපුරේ සිනමා අධ්යක්ෂවරියන්ට මංපෙත් හෙළි කරමින් සිනමා නිර්මාණ ක්ෂෙත්රයට ප්රවිශ්ට වීමට යම් පෙලඹවීමක් ඇති කිරීමට සුමිත්‍රා පීරිස් මහත්මියගේ මැදහත්වීම සුවිශේෂී වෙයි. මේ නිසාම වර්තමාන පරම්පරාවේ සිනමා නිර්මාණකාරියන් සහ සුමිතා පීරිස් මහත්මියගේ සිනමා නිර්මාණ වලට දායකවූ පිරිස් ඇතුළු ආරාධිතයින් සුමිත්‍රා පීරිස් මහත්මියට උපහාර දක්වන්නට අද දින සහභාගී වන අතර උළෙල ප්‍රධාන ආරාධිතයා වන්නේ රංගන ශිල්පිනියක් මෙන්ම සිනමා අධ්යක්ෂවරියක වූ සිනමාවේ නිළිරැජින ලෙස නම් ලද මාලිනී ෆොන්සේකා කලාකාරිණියයි.
අනෝමා රාජකරුණා ප්රමුඛ සිනමාවට දායකව සිටින කාන්තාවන් විසින් සංවිධානය කරන මෙම උළෙලෙහිදී සුමිත්‍රා පීරිස් මහත්මියට සිනමාව වෙනුවෙන් කරන ලද මෙහෙය උදෙසා යාවජීව සම්මානය ප්‍රධානය කිරීමට නියමිතය.