ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
69 හැවිරිදි ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන දිවියෙන් සමුගෙන ඇති බව ගායිකා ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් තහවුරු කර ඇත.
ප්‍රේමය නම්, ඔබයි රම්‍ය සඳ කිරණ, ඇය යන්න ගියා මැකිලා වැනි ප්‍රකට ගීත රැසක තනු නිර්මාණ ශිල්පියා වන්නේ එච්.එම්. ජයවර්ධන යි.
එච්.එම්. ජයවර්ධන කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙමු.
සබැඳි පුවත් :