"ආදරයෙන් අපි ජයන්ත වෙනුවෙන් තරු පිරිවරා" ප්‍රසංගය සාර්ථකව පැවැත්වෙයි
සංගීතවේදී ජයන්ත රත්නායක වෙත උපහාර දැක්වීම පිණිස සංවිධාන කළ "ආදරයෙන් අපි ජයන්ත වෙනුවෙන් තරු පිරිවරා" ප්‍රසංගය පසුගියදා සාර්ථකව ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ආර්. අයි. ටී. අලස් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මේ සඳහා මෙරට නම් දැරූ කලාකරුවන් ඇතුළු විශාල ප්‍රමාණයක් එක් වී සිටිය හ.
ගායනශිල්පී දයාන් විතාරණ "ආදරයෙන් අපි ජයන්ත වෙනුවෙන් තරු පිරිවරා" ප්‍රසංගය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහන් කර තිබුණි.
“පසුගිය ඉරුදින සවස ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආර්. අයි. ටී. අලස් ශ්‍රවණාගාරයේදී ජයන්ත රත්නායක වෙනුවෙන් සංවිධානය කළ "ආදරයෙන් අපි ජයන්ත වෙනුවෙන් තරු පිරිවරා" ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වුණු අතර, ගීත ගායනා කිරීමට සිටි ශිල්පීන්ට අමතරව "සිහ ශක්ති" කණ්ඩායමත්, එදින උපන්දිනය සැමරූ ප්‍රියංකර පෙරේරා පැමිණ ගීත ගැයීමත් සුවිශේෂී සිදුවීමක් විය. හෙළයේ මහා ගායිකාව නන්දා මාලනියන් සහ හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා විසින් ජයන්තගේ දෙපසින් අත් අල්ලා ගෙන ජයන්තව ශාලාවට කැටුව පැමිණීම ආකර්ෂණීය දර්ශනයක් විය. ජයන්ත විසින් ඔහුගේ "ලා රෝස පාට..." නම් වූ ගීතය ගයා අවසන් වනවාත් සමඟම සියල්ලන්ම තම අසුන් වලින් නැගිට ඔහුට උපහාර දැක්වීම අපේ නෙත් තෙත් කළ දසුනක් විය. ලෙලුම් රත්නායක, නිරංජලා මංජරී සහ තරිඳි ෆොන්සේකා මෙහි මූලික ශක්තිය වූ අතර, ලෙලුම්ගේ ස්තුති කතාවේදී මා පිළිබඳව සුවිශේෂීව සඳහන් කිරීම මටද ඉමහත් ගෞරවයක් විය. ජයන්තට ආදරය කරන සියලු දෙනාම රුපියල් 1000ක ටිකට්පතක් මිලදී ගෙන පැමිණ ඔහුට උපහාර දැක්වීම ඉතා අගය කළ යුතු කරුණක් වන අතර, ශාලාව අතුරු සිදුරු නොමැතිව පිරී තිබීම අපට ඉමහත් සතුටකි. මේ සඳහා නන් අයුරින් සහාය දක්වමින් උපකාර කළ සැමට තුති පුදන අතර, එදින මෙම ප්‍රසංගය ඡායාරූපගත කළ මගේ සහාය ඡායාරූප ශිල්පීන් වන ජනක රොඩ්රිගු, ප්‍රදීප් සෝම කුමාර සහ අසංක ජයරත්න යන අයට මගේ ප්‍රණාමය හිමිවේ. මෙම කටයුත්තේදී එකාවන්ව වැඩ කළ සියලු දෙනාටම යහපතක්ම වේවා !!ජයන්ත මල්ලිට සහ සැමට නිදුක් නිරෝගී බව සමඟින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි !!”
ඡායා: දයාන් විතාරණ ෆේස්බුක් ගිණුමෙන්
https://mirrorarts.lk/news/5075-jayantha-190409#sigProId90774669d2