මේ ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවී තිබුණත් කලාව සහ කලාකරුවන් සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අවදානය කිසිසේත්ම සතුටුදායක නොවන බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් රටේ තරුණ පරම්පරාව මීට වසර 30කට පමණ පෙර සිදු කළා සේ යලිත් වතාවක් කණගාටුදායක විප්ලවයකට සූදානම් වියහැකි බවත් ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා පවසයි.
තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය උළෙලට රජයෙන් ලැබුණු අඩු කුඩම්මාගේ සැළකිලි පිළිබඳවද මතක් කළ සනත් ගුණතිලක මහතා පැවසුවේ එක් නාට්‍ය කණ්ඩායමකට තිබුණු පිටරට සංචාරයේ අවස්ථාව පවා මේ වන විට මගැරී ඇති බවයි.
සනත් ගුණතිලක මහතා මෙම ප්‍රකාශය කළේ HE ද්විමාසික දේශපාලනික සඟරාව විසින් සංවිධානය කළ HE FORUM සඳහා සම්බන්ධ වෙමිනි.
පිටපතට පිටින් චරිත :
මෙහිදී අදහස් දැක්වූ ටෙලි නිර්මාණ ශිල්පී කැලූම් පාලිත මහීරත්න මහතා, යහපාලන මෙගා ටෙලිනාට්යායේ රඟපාන නළු නිළියෝ නාට්‍යයට සාධාරණයක් කරන්නේ නැති බවත්, පිටපතට පිටින් චරිත දිනාගන්න උත්සාහ ගන්නා බවටත් චෝදනා කළේය.
''යහපාලනය කියන නම පවා වැරදියි. මේ යහපාලන මෙගා ටෙලිනාට්‍යයේ රඟපාන මන්ත්‍රී නළු නිළියෝ ඒ ටෙලිනාට්‍යයට සාධාරණයක් කනවා වෙනුවට පිටපතට පරිබාහිරව වෙන් වෙන් වශයෙන් චරිත දිනාගන්න උත්සාහ ගන්නවා. මේක තමයි මම දකින ප්‍රධානතම ගැටලූව වෙන්නේ.
මෙතන රජයක් ගෙනියන්න උත්සාහ ගන්නවා වෙනුවට එකිනෙකා දරන අදහස් මතිමතාන්තර වපුරන්න උත්සාහ කරනවා.
අනෙක් අතට යහපාලන මෙගා ටෙලිනාට්‍යය විකුණගන්න ආණ්ඩුව දන්නේ නෑ, දූෂණ වංචාවකට හිරේ ගියපු විමල් වීරවංශ වීරයෙක් වෙලා රටපුරා පෝස්ටර් ඇලවෙනකොට බරපතල අරගලයක් කරලා දිනාගන්නවා කියන GSP+ සහන ගැන මහජනතාව දැනුවත් කරන්න මේ ආණ්ඩුවට බැරිවෙනවා.
ඒෂියා මීඩියා කෝපරේෂන් මගින් නිකුත් කරන HE සඟරාවේ වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැති HE FORUM හිදී කැලූම් පාලිත මහීරත්න මහතා මෙම අදහස් පළකළ අතර ඔහු තවදුරටත් කීවේ තමන්ගේ මාධ්‍ය ආයතනයේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් ඇති බවත් ඒ සඳහා සුදුසුකම් ඇති තරුණයන්ගේ හිඟයක් ඇති බවත්ය.
HE FORUM හි සංවාද මණ්ඩපය මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය සුරේන් රාඝවන් යන අයගෙන් සමන්විත වූ අතර විද්වත් සභාවේ සිටි ආචාර්ය මහාචාර්යවරුන් සේම දේශපාලනඥයන් ද සංවාදමණ්ඩපය පෝෂණය කරන්නට සිය අදහස් එකතු කළහ.
HE FORUM හි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.