‘මානව හිමිකම් පිලිඹද ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික සේවනය වරදක් නොවන බවට වන වගන්තිය ඉවත් කිරීම ගැන විවිධ අදහස් පළවෙමින් පවතිනව. මේ ඒ පිළිබඳ චිත්රපටඅධ්යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සිය ෆෙස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙවැනි අදහසකි.
ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයට බැරිලු සමකාමී විවාහ නීති ගත කරන්න. ලංකාවේ සමකාමී ප්‍රජාවේ බහුතරය ඉල්ලා සිටින්නෙ විවාහ අයිතිය නෙවෙයි - සමකාමීත්වය අපරාධයක් යයි සැළකිය හැකි නීතිය ඉවත් කරන්න කියලයි.
ඉතිං තමුන්නැහැල යටත් විජිතවාදී ඉංග්‍රීසි පාලකයින් දීල ගිය ඔය පුස්කාපු නීතිය ට ඔය තරම්ම ඇලිල ඉන්නවනම් ඒ නීතිය දුං අල්ල අල්ල තියා ගන්න. හැබැයි නිකමටවත් කියවල බලන්න මොකද්ද මේ නීතියෙන් කියන්නෙ කියල - මොකද සමකාමීන් නෙවෙයි වෙන වෙන කිංකි වැඩ වලට කැමති උදවියත් (මැති ඇමති ගොල්ලත් ඇතුළුව) මේ නීතිය යටතේම හිර ගත කරන්න පුළුවන් නිසා.
දණ්ඩ නීති සංග්‍රහයේ සිංහල කොපියක් නෙට් එකේ හොයා ගන්න බැරි නිසා ඔන්න මං ඉංගිරිසි පිටපතේ සරළ පරිවර්තනයක් දානව.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය - යම් පුද්ගලයෙක් ස්වභාව ධර්මයට එරෙහිව සංසර්ගයේ යෙදීම සිර දඩුවම් ලැබිය හැකි වරදකි (මුලින්ම හොයා ගන්න ස්වභාව ධර්මයට අනුව සංසර්ගයේ යෙදෙන්නෙ කොහොමද කියල, නැත්තම් පොලිසියට පුළුවංලු ගෙනිහිල්ල නඩු දාන්න).
දණ්ඩ නීති සංග්‍රහයේ365 A වගන්තිය - යම් පුද්ගලයෙක් පුද්ගලික හො පොදු ස්ථානයක දී බරපතල අශෝභන ක්‍රියාවක නිරත වීම, එවැන්නකට උත්සාහ කිරීම හෝ එවැනි ක්‍රියාවක නිරත වීමට ගෙවීමක් කිරීම හෝ ලැබීම සිර දඩුවම් ලැබිය හැකි වරකි. (සමහරුන්ටනම් ඉතිං තරුණ ජෝඩුවක් කිස් කරන එකත් අශෝභනයිනෙ. ඉතිං ඒව ‘බරපතල’ වෙන්නෙ කොයි ආකාරයටද කියල හොයල දැන ගන්න. මොකද ‘පුද්ගලික ස්ථානයකදි’ - ඒ කියන්නෙ තමන්ගෙ නිදන කමරේදිවත් ඒ වගේ දේවල් කරන්න බැරිලු).
ඔය යල් පැන ගිය නීති වල තියෙන ස්වභාව ධර්මය යි අශෝභන ක්‍රියාවයි අර්ථ නිරූපනය කරන්න නඩු කාර ඇත්තන්ටත් අමාරු වෙයි. කෝ මෑත කාලීන තීන්දු? ඔස්කා වයිල්ඩ්ගෙ කාළෙ තීන්දු ආදේශ කරන්නද?
සත්වයන්ට කරන අපරාධ සත්තව හිංසා නීතිටයට ඇතුල් කරල වැඩිහිටියන්ට ස්වේච්ඡාවෙන් කරන කෙහෙල් මලක් තමන්ගෙ නිදන කාමරයක හෝ හෝටල් කාමරයක කර ගන්න ඉඩ දුන්නනම් සමකාමීන් විතරක් නොවෙයි අනෙක් උදවියත් නිවි හැනහිල්ලේ අහවල් දේ කර ගෙන අනුන්ට ඊර්ෂියා නොකර ඉන්නවනෙ.
සබැඳි පුවත්