“මම මේ සිද්ධියෙන් ඉතාමත් කම්පා වුණා”-කාංචනා මෙන්ඩිස්
පුද්ගලයින් සියගණනකගේ දිවි තොර කරමින් පසුගිය පාස්කු ඉරිදා දින මෙරට සිදුවූ ඛේදවාචකයට වගකිව යුත්තන් හට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බව ජනප්‍රිය රංගන ශිල්පිනි කාංචනා මෙන්ඩිස් පවසනවා.
ලන්ඩන් නුවර සිට මිරර් ආට්ස් සමඟ සම්බන්ධ වූ ඇය කියා සිටියේ මේ විපත පිළිබඳව දැනගත් පසු තමන් දැඩි කම්පනයට පත් වූ බව යි.
“කලා ශිල්පිනියක හැටියට මම මේ සිද්ධියෙන් ඉතාමත් කම්පා වුණා. විශේෂයෙන් මීගමුවේ පුරවැසියන් විදියට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඉතාමත් සහජීවනයෙන් එකමුතුවෙන් වැඩකරපු පිරිසක්. නමුත් මේ ඇති වූ සිද්ධියෙන් මම ඉතාමත් කම්පනයට පත් වුණා.
කටුවපිටිය දේවස්ථානය කියන්නේ කතෝලික අපිට ලොකු බැඳීමක් තියන පල්ලියක්. ඒ වගේම මීගමුවේ අපෙන් වෙන් වූ සියලුම සහෝදර සහෝදරියන්ට මම මොක් සුවය ප්‍රාර්ථනා කරනවා. විපතට පත් සියලුම මගේ යාලු, මිත්‍ර, සහෝදර ගම්වාසීන් සියලු දෙනාට දෙවියනේ වහන්සේගේ කරුණාව, දයාව, ආරක්ෂාව ලැබෙන්න කියලා එක සිතින් යාඥා කරනවා. ඒවගේම මේ සිද්ධියෙන් අසරණ වුණු හැමකෙනෙකුටම ජාති භේදයෙන් තොරව දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනා. විශේෂයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මේ රජයෙන් අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා තරාතිරම් නොබලා අවශ්‍ය අයට දැඩි දඬුවම් ලබාදෙන ලෙස. ඒ වගේම මෙවැනි දෙයක් මතුවටත් නොවෙන්න රජය වග බලාගන්නා බව...”