මියගිය අය සිහිකර විනාඩි තුනක නිශ්ශබ්දතාවක්
අද (23) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් ජිවිතක්ෂයට පත් දෙස් විදෙස් පුද්ගලයන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනය ප්‍රකාශයට පත් කළ බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර ඇත.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර කාර්යාල ආරම්භයේ දී උදැසන 8.30 සිට 8.33 දක්වා විනාඩි තුනක කාලයක් නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය පුද්ගලයින් සිහිපත් කරන මෙන් රජය දැනුම් දෙයි.