ඔස්කාර්ලාභී රෝමන් පොලන්ස්කි ඇකඩමියට එරෙහිව නඩු මගට
ප්රකට සිනමා අධ්යක්ෂ රෝමන් පොලන්ස්කි Academy of Motion Picture Arts and Sciences සංවිධානයට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර තිබේ. ඒ පූර්ව දැනුම් දීමකින් තොරව ඔහු ඉන් ඉවත් කර දැමීම හේතුවෙනි.
The Pianist සිනමාපටයේ අධ්යක්ෂවරයා සහ ප්රහසන නළු බිල් කොස්බි, ඔස්කාර් මණ්ඩලයෙන් නෙරපා දැමුවේ පසුගිය වසරේ මැයි මස දී ය.
පූර්ව දැනුම් දීමකින් තොරව සහ ප්රතිචාර දැක්වීමට ඉඩක් පවා නොතබා මේ ප්රකට අධ්යක්ෂවරයා සංවිධානයෙන් නෙරපා ඇතැයි ඔහුගේ නීතිවේදියා ප්රකාශ කර ඇත.
ඔස්කාර් සම්මනලාභි පොලන්ස්කි ඉවත් කිරීම සාධාරණ බවත් ගත් තීරණය අවලංගු නොකරන බවත් ඇකඩමිය පසුව ප්රකාශ කර තිබුණි.
1977 දී 13 හැවිරිදි දැරියක සමඟ නීති විරෝධී ලිංගික සම්බන්ධයක් පැවැත්වූ බවටත් අභියාචනය නිෂ්ප්රභා වේ යැයි බියෙන් ඇමරිකාවෙන් පලා ආ බවත් පොලන්ස්කි පිළිගෙන ඇත.
මණ්ඩලයෙන් නෙරපීම සිදු වූ කාලවකවානුවේ දී ඇකඩමිය ප්රකාශ කර සිටියේ “රෝමන් පොලන්ස්කි සහ බිල් කොස්බි සාමාජිකත්වයෙන් ඉවත් කර දැමීමට සිය මණ්ඩලය කැමැත්ත පළ කළේ සංවිධානයේ ආචාර ධර්මවලට අනුකුලව” බව යි.