ජය ශ්‍රී ඇමතිතුමා ප්‍රදර්ශනය කල් යයි
අද (10) දින සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු “ජය ශ්‍රී ඇමතිතුමා” තිරයට පැමිණීමට තව කල් යන බව වාර්තා වේ.
නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයක් සහ ජනිත මාරසිංහගේ නිෂ්පාදනයක් වන මෙම සිනමාපටයට ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රී ඩයස්, ජීවන් හඳුන්නෙත්ති, ඩි.බී. ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රංගන දායකත්වය සපයා තිබේ.
ජයශ්‍රී ඇමතිතුමා හි කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සමඟින් රවින්ද්‍ර රෝහණ, සංස්කරණය ප්‍රවීන් ජයරත්න සහ ගායනය සුනිල් පෙරේරා විසිනි.