රාජකීය බිළිඳා විහිළුවට ගත් ඩැනි බේකර් රැකියාවෙන් දොට්ට දමයි
චිම්පන්සි රූපයක් යොදා ගනිමින් සසෙක්ස් අදිපාදවරයා සහ ආදිපාදවරියගේ පුත් කුමරු සම්බන්ධයෙන් උපහාසාත්මක ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ගුවන්විදුලි සම්ප්‍රවේෂක ඩැනි බේකර් රැකියාවෙන් නෙරපීමට BBC සේවය කටයුතු කර තිබේ.
අලුත් උපන් කුමරා ආර්චි හැරිසන් මවුන්ට්බැටන්-වින්ඩ්සර් ලෙස නම් තැබූ බව පසුගිය බදාදා හැරී සහ මේගන් යුවල විසින් ප්‍රකාශ කරන ලදී.
ඇඳුමක් ඇඳගෙන සිටින චිම්පන්සියකුගේ අතින් අල්ලාගත් හොඳින් ඇඳ පැළඳගත් පුරුෂයකු සහ කාන්තාවක දැක්වෙන කළු සුදු ඡායාරුපයක් සිය ට්විටර් ගිණුමෙහි පළ කළ ගුවන් විදුලි සම්ප්‍රවේෂක බේකර්, රාජකීය උපත පිළිබඳ සරදම් සහගත අදහසක් එහි සඳහන් කර තිබුණි.
“රාජකීය දරුවා රෝහලෙන් පිටව යනවා,” යනුවෙන් බේකර් එහි සටහනක් තබා තිබු අතර මිශ්‍ර සම්භවයක් ඇති සසෙක්ස් ආදිපාදවරිය ගැන වර්ගවාදී අදහසක් එයින් පළ වෙනවා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ නැගුනු චෝදනා මත එම ට්විටර් සටහන ඉවත් කිරීමට පසුව ඔහු කටයුතු කර තිබුණි. එසේම තමන් අතින් වැරදීමක් වුණ බව පවසමින් සමාව ද ඉල්ලා තිබුණි.