සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය තවත් වෙනස් වූ සිනමා අත්දැකීමක් ගෙන ඒමට සූදානම් වන වග දැනගන්නට ලැබෙයි.
එම සිනමාපටයේ විශේෂිත චරිත කිහිපයක් ඇති බව අධ්යක්ෂවරයා සරසවියට දන්වා සිටියි. එකී චරිතයන් සඳහා නෙල්සන් මැන්ඩෙලා, ඉඩි අමින්, ඩුටර්ටේ (පිලිපීන ජනාධිපති), බැරක් ඔබාමා වැනි ලෝ ප්‍රකට පුද්ගලයින්ගේ රුවට සමානකමක් ඇති අයවලුන් අවශ්‍යව තිබේ. රංගනයට කැමැති එවැනි වූ පෙනුම ඇති අයකු වෙතොත් හැකි ඉක්මනින් ඵචදඤඩභදඪ.01@ඩධබථචඪත.ජධථ හෝ 0770070614 (ඹඩචබඵචනන) ඔස්සේ ඡායාරූප සහ විස්තර එවන මෙන් අධ්යක්ෂ උදයකාන්ත දන්වා සිටියි.
ඔහුගේ නවිතම සිනමාපටයේ රංගනය සඳහා සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුල, ඩබ්ලිව්. ජයසිරි, චුලක්ෂි රණතුංග, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය, ධර්මප්‍රිය ඩයස්, රවීන්ද්‍ර යසස්, කුමාර තිරිමාදුර, ආදී නළු නිළියෝ මේ වනවිට තෝරාගෙන සිටිති. ජයනාත් ගුණවර්ධන කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදනය ද අධ්යක්ෂවරයාගෙනි. උදයකාන්ත අධ්‍යක්ෂණය කළ 24 වැනි සිනමා නිර්මාණය ගින්දරී 2 මෙම වසරේදී තිරගතවීමට නියමිතය.
සරසවිය