ගේම් ඔෆ් ත්‍රෝන්ස් 8 ප්‍රතිනිර්මාණය කරන්නැයි ඉල්ලන පෙත්සමට අත්සන් ලක්ෂ ගණනක්
සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලියේ අවසන් කතා මාලාව ප්‍රති නිර්මාණය කරන මෙන් ඉල්ලන අන්තර්ජාල පෙත්සමකට මේ වනවිට අත්සන් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
“සුදුසු තිර රචකයන් ලවා ගේම් ඔෆ් ත්‍රෝන්ස් 8 වැන්න නිර්මාණය කරන්න,” යනුවෙන් ඉල්ලා සිටිමින් Change.org හි මෙම පෙත්සම පළ කර ඇත්තේ පසුගිය සතියේ දී “The Bells” නම් 5 වැනි කතාංගය විකාශනය වීමෙන් පසුව ය.
ඒ අනුව කතා මාලාව පිළිබඳ අසතුටින් පසුවන රසිකයින් හාර ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට පෙත්සමට අත්සන් තබා ඇති අතර අත්සන් ලක්ෂ 5 ටත් ඉක්මනින් ළඟා වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අත්සන් තැබීමට හේතු ලෙසින් බොහෝ දෙනකු දක්වා තිබුණේ කතාව ඉක්මනින් ඇදගෙන යාම, කතාවේ සන්ධිස්ථාන නිසියාකාරව සකස් කර නොතිබීම වැනි පොදු කරුණු ය.
“අපි මේ කතාව අවුරුදු 8කට වැඩි කාලෙක ඉඳන් බලනවා. මේක ද අපිට අන්තිමේ දී ලැබෙන්නේ. ඇත්තටම?” යනුවෙන් එක් රසිකයෙක් එහි අදහස් දක්වා තිබුණි.