ලූව්ර පිරමීඩයේ ගෘහ නිර්මාණශිල්පියා අභාවප්‍රාප්ත වෙයි
පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ වීදුරු පිරමිඩය ඇතුළු අග්‍රගණ්‍ය නිර්මාණ රැසක ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ අයි එම් පෙයි අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 102කි.
සිය ජිවිත කාලය පුරා නිර්මාණකරණයේ යෙදුණු අයි එම් පෙයිගේ ගෘහ නිර්මාණ වඩාත් ප්‍රචලිත වුයේ සියුම් ජ්‍යාමිතික හැඩතල කෙරෙහි දැක්වූ විශේෂ අවධානය, සරල මතුපිට සහ ස්වභාවික ආලෝකය වැනි කරුණු හේතුවෙනි.
1917 දී චීනයේ උපත ලැබූ ඔහු වයස 80 ගණන්වලදී දෝහා කටාර් හි පිහිටි සුප්‍රකට ඉස්ලාමිය කලා කෞතුකාගාරයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළේ ය.
ඩලාස් නගර ශාලාව, ජපානයේ මිහෝ කෞතුකාගාරය ඔහුගේ සෙසු ප්‍රකට නිර්මාණ වේ.