කොළඹ නාට්‍ය කථිකාව මැයි 28 වැනිදා
නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයක් වන කොළඹ නාට්‍ය කථිකාව මෙවර මැයි 28 වැනිදා සවස 5.00 ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව ‘‘බර්ලින් හී රංග පාසල’’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය එදින සිදු කෙරේ.
වැඩසටහන මෙහෙයවීම නාට්‍යවේදී එම්. සෆීර් විසිනි.
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම හා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථාන එක්ව සංවිධානය කරන්නා වූ මෙම නාට්‍ය කථිකාවට එක්වන මෙන් සංවිධායකයින් ආරාධනා කර සිටියි.
“බර්ලින් හී රංගන පාසල
සෑම පාඩමක්ම අත්‍යවශ්‍ය වන හෙයින් ශිෂ්‍යයින්ගේ අධ්‍යන ක්‍රියාවලිය ආරම්භ වන්නේ මූලික අභ්‍යාස සහ කථනය අනුප්රතිපානය (ෂපචරදඩසි්එසදබ* කිරීම මෙන්ම ශරීර චලන ව්‍යායාම් වලින්ය. පාසලේ චින්තනය වන්නේ, ඇතුලත් කරගන්නා වූ සෑම ශිෂ්‍යයෙක්ම දක්ෂ අයෙකු වන බැවින් පළමු වසරේදී ඔහුට හෝ ඇයට රංගනය පිලිබඳව පුද්ගලික ආධාරයක් අවශ්‍ය නොවන බවය. රංගනය යනු ශිල්පයක් වන බැවින් සියලූ සිසුන් පාඨමාලා සැලසුම තරයේ අනුගමනනය කළ යුතුය. තුන්වැනි වසර ආරම්භයත් සමගම පෞද්ගලික විශිෂ්ට රංගන ශිෂ්‍යයින් වශයෙන් ලත් අධ්‍යාපනය, මෙම සිසුන් එම පාසලේම අධ්යක්ෂ අංශ ශිෂ්‍යයින් සමග එක්ව ප්‍රථම නිෂ්පාදනය කිරීම සඳහා අත්වැල් බැඳ ගත යුතුය.”