‘ධ්‍යාන’ සිතුවම් දැක්ම එළඹෙන 23 වැනිදා ඇරඹේ
ජාතික රූපවාහිනියේ වසර 35ක් සේවය කර මාධ්‍යරූප හා සජීවීකරණ ඒකකයේ ප්‍රධානී ලෙස සේවයෙන් විශ්‍රාම ගත් ශිරාණි නානායක්කාරගේ ‘ධ්‍යාන 2’ දැනෙන දසුනක නවාතැන්පොළ සිතුවම් දැක්ම එළඹෙන 23 වැනිදා සවස 4.00ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ආරම්භ කෙරේ.
ඇගේ දෙවැනි සිතුවම් දැක්ම වන මෙය 24,25 සහ 26 යන තෙදින පුරාම විවෘතව පවති යි.
ශිරාණි නානායක්කාර විසින් රචිත ‘දියසායම් - වර්ණයේ රිද්මය’ පොත ප්‍රදර්ශනයට සමගාමිව එළිදැක්වීමට ද නියමිත ය.