ආසියානු සාම සිනමා උළෙල- ක්වෙත්තා 2019ට නිර්මාණ භාර ගැනේ
ආසියානු සාම සිනමා උළෙල- ක්වෙත්තා (2019) සඳහා කෘති භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
පකිස්ථානයේ පලතුරු උයන ලෙස සැලකෙන ක්වෙත්තා නුවර මූලික කරගනිමින් පැවැත්වෙන මෙම සිනමා උළෙලට කෙටි, වාර්තා, ත්රිමාණ චිත්රපට සහ සංගීත වීඩියෝ ඉදිරිපත් කළ හැකි ය.
සාමය, සංස්කෘතිය, උරුමය, විවිධත්වය, සාමුහිකත්වය (කාන්තා, සරණාගත, සුලු ජාතින්), සාමුහික පැවැත්ම, සාමය ගොඩනැගීම යන තේමා යටතේ නිර්මාණ තරගය සඳහා භාර ගැනේ.
කෘති භාර ගන්නා අවසන් දිනය ජූනි 10 වැනිදා ය.
වැඩි විස්තර සඳහා https://asiapeacefilmfestival.com/apff-quetta-edition/ වෙබ් අඩවියට පිවිසෙන්න.