“ගජමෑන්” 3D චිත්‍රපටය ජූනි මස ප්‍රදර්ශනයට
ශ්‍රී ලංකාවේ මුල්ම ත්‍රිමාණ සජ්වීකරණ චිත්‍රපටය වන “ගජමෑන්” නුදුරේදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව එළඹෙන ජූනි 13 සිට දිවයින පුරා EAP සිනමාශාලාවල මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් වන ගජමෑන් ඇතුළු කැමිලස් පෙරේරා කාලාකරුවා විසින් නිර්මාණය කරන ලද තවත් කාටුන් චරිත කිහිපයක් පාදක කරගනිමින් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය මෙය වේ.
මෙම චිත්‍රපටය සදහා රුපියල් මිලියන 75කට අධික මුදලක් වැය වී තිබේ.
ගජමෑන් හඩ මුසුවෙන් දායක වන ප්‍රධානම ශිල්පීන් දෙපල වන්නේ සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් යන ශිල්පීන් දෙදෙනාය.
ඊට අමතරව සුනිල් පෙරේරා, යුරේනි නොෂිකා, රෂි ප්‍රබෝධා යන කලාකරුවන්ද හඬ දායකත්වය සපයා තිබේ.