ආචාර්ය ආශා ද වොස්, ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරිය කි. එසේම ඇය සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා ද වේ.
2018 වසරේ ලොව බලපෑම් කළ හැකි කතුන් 100 දෙනා අතරට ඇතුලත් වීම ඇතුළු විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් 39 හැවිරිදි හැවිරිදි ආශා ද වොස් නැවත වරක් මෙරටට ගෞරවයක් රැගෙන විත් තිබෙනවා.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“ලින්කන්(ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ), මගේ ශාස්ත්රාලයට කාන්තාවන් ඇතුලත් කරගැනීම ආරම්භ කර 40 වැනි සංවත්සරය සමරනවා 2020 දී. එය සැමරීම සඳහා ආදී ශිෂ්‍යාවන් 20 දෙනකුගේ ඡායාරූප 15th Century ශාලාවෙහි එල්ලා තැබීමට කටයුතු කරනවා. එහි අරමුණ වන්නේ වත්මන් සිසුන් සේම අනාගත අයදුම්කරුවන් උනන්දු කරවීම යි. දශක 4ක කාලයක ආදී සිසුවියන් අතුරින් හොඳම 20 දෙනෙක් තෝරා ගැනීමට ජුරියට බොහෝ අපහසු කාර්යක් වී තිබුණා. විශ්ව විද්‍යාලය(ඔක්ස්ෆර්ඩ්) තුළ තම ඡායාරුපයක් ප්‍රදර්ශනයට තැබීමට අවස්ථාව ලැබූ පළමු ලාංකේය කාන්තාව බවට පත්වෙමින් මමත් ඒ 20 දෙනා අතර සිටිනවා කියා පවසන්න ලැබීම විශාල සතුටක්.”
ඒ අනුව, ලන්ඩනයේ පිහිටි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ නිල් තල්මස් සැකිල්ල යට හිඳ ගත් ඡායාරුපයක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කෙරෙන බව වැඩිදුරටත් එහි සඳහන් වේ.