“අරාබි සංස්කෘතියට කවුළුවක් විවර වීම ගැන මට සතුටුයි”
මේවසරේ මෑන් බුකර් අන්තර්ජාතික සාහිත්‍ය සම්මානය ඕමාන් කතුවරියක වන ජෝකා අල්හාතිට හිමිව තිබේ.
ඒ අනුව අරාබි ජාතිකයකුට මෙම සම්මානය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඕමානයේ සමාජ පරිවර්තනවලට හැඩ ගැහුණු තුන් සොහොයුරියන් සහ ඔවුන්ගේ පවුලේ ජිවිත කතා පාදක කරගනිමින් Celestial Bodies නම් මෙම නවකතාව ලියවී ඇත.
“පොහොසත් සංකල්ප, සිත් ඇදගන්නා සහ කාව්‍යමය දෘෂ්ටියකින්” මෙම කෘතිය ලියවී ඇති බව විනිසුරු මණ්ඩලය විසින් පැහැදිලි කර තිබේ.
ජයග්‍රහණය සමඟ හිමිවූ පවුම් 50,000 ක ත්‍යාග මුදල ජෝකා අල්හාති සහ කෘතියේ පරිවර්තිකාව වන ඇමරිකානු ජාතික මැරිලින් බූත් අතර සමව බෙදී ගියේ ය.
“අරාබි සංස්කෘතියට කවුළුවක් විවර වීම ගැන මට හරි සතුටුයි” යනුවෙන් අල්හාති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.