ගයි ගුණරත්නගේ කුළුඳුල් නවකතාවට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ගයි ගුණරත්න, ස්වොන්සී විශ්වවිද්‍යාලය විසින් ලබා දෙන ජාත්‍යන්තර ඩිලන් තෝමස් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.
මෙම ත්‍යාගය පිරිනැමුණේ “In Our Mad and Furious City” නම් ඔහුගේ කුළුඳුල් නවකතාව වෙනුවෙනි.
ඒ සමඟ ඔහුට පවුම් 30,000ක ත්‍යාග මුදලක් ද හිමිවිය.
වේල්ස් කවියකු වන ඩිලන් තෝමස් අනුස්මරණය සඳහා පිහිටුවා ඇති මෙම ත්‍යාගය වයස අවුරුදු 39ට අඩු තරුණ ලේඛකයකු විසින් රචිත ඉංග්‍රීසි කෘතියකට වාර්ෂිකව පිරිනැමේ.
ලේඛකයෙක්, සිනමාකරුවෙක් ලෙස කටයුතු කරන ගයි ගුණරත්නගේ “In Our Mad and Furious City” කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ 2018 අප්‍රේල් මස දී ය.
35 හැවිරිදි මේ බ්‍රිතාන්‍ය-ශ්‍රී ලාංකේය ලේඛකයා 2018 වසරේ දී මෑන් බුකර් සම්මානය වෙනුවෙන් නිර්දේශ ලැබූ අතර මේවසරේ ජලාක් සාහිත්‍ය සම්මානය ද හිමිකරගත්තේ ය.