මහගෙදර ටෙලියේ ප්‍රධාන නිළිය රාහුල් ගාන්ධි පරදයි
නරේන්ද්‍ර මෝඩිගේ පාලක භාරතීය ජනතා පක්ෂය මුළු ආසන ප්‍රමාණයෙන් තුන්සියයකට වැඩි සංඛ්‍යාවක බලය තහවුරු කරගනිමින් මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය.
ඒ සමඟ රාහුල් ගාන්ධි ප්රමුඛ ඉන්දීය ජාතික කොන්ග්රසය දරුණු පසුබෑමකට ලක්ව තිබෙනවා.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති ආසනය වෙනුවෙන් තරග කරන ජාතික කොන්ග්රස් නායක රාහුල් ගාන්ධි එම ආසනයේ ඡන්ද ගණනය කිරීම් අනුව පසුපසින් සිටින බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහුට වඩා ඉදිරියෙන් පසු වන්නේ, භාරතීය ජනතා පක්ෂ අපේක්ෂිකා ස්ම්රිති ඉරානී ය.
ඇය මෙරට “මහගෙදර” නම් ජනප්‍රිය වූ ඉන්දීය ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට පණ පෙවූ නිළිය කි.
කෙසේ වෙතත් ස්ම්රිති ඉරානී සහ රාහුල් ගාන්ධි ලබාඇති ඡන්දවල පරතරය, මේ වනවිට එරට සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස අතර දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙන අයුරු දක්නට ලැබෙනවා.