සංගීත කණ්ඩායම් සංසඳය ජනපති හමුවට
ශ්රී ලංකා සංගීත කණ්ඩායම් සංසඳයේ සාමාජිකයන් අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන හමු වී තිබේ.
රට තුළ පසුගිය දා ඇති වූ තත්වයත් සමඟ ආරක්ෂක හේතුන් මත සංගීත ප්රසංග පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව සහ ක්ෂේත්රයට අදාළ වෙනත් ගැටලු කිහිපයක් මෙහි දී ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
එම සියලු ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා බව ප්රකාශ කර තිබේ.