මංජුල සේනාරත්න අලුත් පොතක් පෙරලයි
මංජුල සේනාරත්නගේ නවතම නවකතාව එළඹෙන ජූනි 15 වැනිදා කොළඹ දී එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් තබා තිබුණි,
“මගේ අලුත්ම නවකතාව "12.12.12" ලබන මාසයේ (ජූනි ) 15 වැනිදා සවස 2.30 කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩම්මවා එන්නට සියල්ල සුදානම් වෙමින් තිබෙනා මේ මොහොතේ පොත වෙනුවෙන් නිර්මාණය වුණු පුර්ව ප්රචාරක පටය (Book Trailer ) මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.
පොත ගැන කියන්නට නම් බොහෝ දේය . පෙර නොදැන සිටි විෂයක් තරමක් හදාරා , එහි නියැළෙන විශේෂඥයින් හමුවී ,තොරතුරු අසා දැන , සය මසක් පුරා ගවේෂණ කර , කරුණු සොයා බලා, සිව් වසක් පුරා ලියූ "කල්පනා මැරූ සීතයේ " කතාව මෙහි ලියවී තිබේ. මේ පොතේ ප්‍රකාශකයන් වන්නේ Muses Publishing House Pvt Ltd ආයතනයයි .
මෙසේ ඔබ හමුවට එන පුර්ව ප්රචාරක පටයේ මුල් කොටස පැරිසියේ රූ ගත කෙරෙද්දී එයට සම්බන්ධ වූ මගේ මිතුරන් ගේ කීප දෙනෙකි.
මෙහි කෙටි චරිත නිරුපනයේ යෙදෙන්නේ Asanaka Hettithantrige සොයුරාය . තවද Amila Madhusanka , Rukshan madushka , Shayamali de silva , Sunil Hettiaacrachi යන දයාබර මිතුරු මිතුරියන් මේ කාර්යට මා සමග එක වූහ . මෙහි රූපගත කිරීම් වෙනුවෙන් තමන්ගේ කාලය සහ ශ්‍රමය කැප කරමින් අසීමිත සහය ලබා දුන්නේ ජාතික රුපවාහිනියේ හිටපු වැඩ සටහන් අධ්‍යයක්ෂක වරයෙකු වූ දැන් පැරිසියේ වාසය කරන Sanjeewa Batuwatta මිතුරාය. මේ සියලු දෙනාටම මගේ ස්තුතියි සහ ප්‍රණාමය පුද කරමි. පොත ගැන තව තොරතුරු ඉදිරියේදී කියමි.”