කාන්ස් සිනමා උළෙලේ ඉහළම සම්මානය Parasite සිනමා කෘතියට
මෙවර කාන්ස් සිනමා සම්මාන උළෙලේ ඉහළම සම්මානය තමන් සතු කරගැනීමට දකුණු කොරියානු අධ්යක්ෂ බොන් ජූන් හෝ සමත්ව තිබේ.
ඒ අනුව, සමාජ පන්ති ගතිකයන් පිළිබඳ සොයා බැලෙන ත්රාසය සහ ප්රහසනය මුසු Parasite සිනමාකෘතියට Palme d’Or සම්මානය හිමිවිය.
දින 11 පුරා පැවැත්වුණු කාන්ස් උළෙල පසුගියදා (25) නිමාව සටහන් කළේ ය.
සම්මාන දිනූ පළමු කළු ජාතික අධ්යක්ෂිකාව
කළු ජාතික අධ්යක්ෂිකාවක් පළමු වරට කාන්ස් සිනමා සම්මානයක් හිමි කරගැනීමට මෙවර සමත් විය.
වසර 72ක් ඉපැරණි කාන්ස් ඉතිහාසය තුළ එම අවස්ථාව හිමිකරගත් පළමු අධ්යක්ෂිකාව වන්නේ ප්රංශ-සෙනෙගාල් ජාතික මති ඩියොප් ය. තරුණ සංක්රමණිකයින් පිළිබඳ කියවෙන ඇයගේ Atlantics සිනමා කෘතියට Grand Prix-රජත සම්මානයට සමාන- සම්මානය එහිදී හිමිවිය.
අප්රිකානු සම්භවයක් සහිත කාන්තාවකගේ සිනමාපටයක් කාන්ස් උළෙලේ තිරගත කිරීමට 2019 වනතෙක් සිටීමට සිදුවීම ගැන තමන්ට “පොඩි දුකක්” ඇතැයි මති ඩියොප් මින්පෙර පවසා තිබුණි.
සෙසු සම්මාන
හොඳම රංගන ශිල්පිනිය ලෙස Little Joe චිත්රපටයේ රඟපෑ එමිලි බීචම්, හොඳම රංගන ශිල්පියා ලෙස Pain and Glory චිත්රපටයේ රඟපෑ අන්තෝනියෝ බන්දෙරා සම්මාන දිනා ගත් හ.
හොඳම තිර රචනය Portrait of a Lady on Fire සඳහා සෙලීන් සියාමා සම්මාන දිනුවා ය.
ඉහළ ප්රතිචාර ලැබූ ක්වෙන්ටන් ටැරන්ටිනෝගේ නවතම සිනමා කෘතිය Once Upon a Time in Hollywood හිස් අතින් සිනමා උළෙලට සමුදුන්නේ ය.