වේදිකවේ, සිනමාවේ, රූපවාහනී නාට්‍ය කලාවේ ප්රවීණයෙකුවූ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි කලාකරුවා අද කොළඹ ජාතික රොහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු කලකසිට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත. මිය යනවිට ඔහු 68 වන වියේ පසු විය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ගාමිණී හෙට්ටිආරච්චි සෝමලතා සුබසිංහගේ රත්තරං වේදිකා නාට්‍යයෙන් පාසල් වෙදිකාවේ සිය ප්‍රථම රංගන ය ඉදිරිපත් කරනු ලැබීය. ඉන්පසු පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සෙක්කුව වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු පරාක්‍රම නිරිඇල්ලගේ උත්තමාවී වේදිකා නාට්‍යයේද ප්‍රධාන චරිතයක් රගපෑවාය. ඩග්ල්ස් සිරිවර්ධනගේ අඹු සැමියෝ හිට්ලර් යන වේදිකා නාට්‍ය වල මෙන්ම සුබ සාධක විනිශ්චය මෙන්ම සෝමරත්න දිසානායකගේ වෙඩික්කාරයෝ සහ මීපුර වැසියෝ යන වේදිකා නාට්‍ය වලටද රංගනයෙන් දායක විය.
ටෙලිනාට්‍ය ක්ෂෙත්රයේ ආරම්භයේ සිටම පරාක්‍රම නිරිඇල්ලයන්ගේ යශෝරාවය සහ නාලන් මෙණ්ඩිස්ගේ ටෙලි නාට්‍ය වලද සම්බන්ධ විය. බර්ට්‍රම් නිහාල් ගේ දඩබිම හි කළ රංගනය වෙනුවෙන් ගාමිණී හෙට්ටිආරච්චි කලාකරුවා සම්මානයටද පාත්රවිය.
වෙිදකාවේත් ටෙලිනාට්‍ය ක්ෂෙත්රයේත් සිනමාවේත් රංගනයෙන් කුසලතා දැක්වූ ගාමිණී හෙට්ටආරච්චි කලාකරුවා ගේ අභාවය කලා ක්ෂෙත්රයේ විශාල හිස්තැනක් සනිටුහන් කරන්නකි.
ගාමිණී හෙට්ටආරච්චි කලාකරුවාගේ වියෝව පිළිබඳව මිරර්ආර්ට්ස් හි ශෝකය මෙසේ සටහන් කරන්නෙමු.