හොලිවුඩයේ අත්භූත චරිත පිටුපස සිටින රංගන ශිල්පියා ජැවියර් බෝටේ
මෑත කාලීනව නිර්මාණය වුණු ත්‍රාසජනක හොලිවුඩ් සිනමාපට බොහොමයක අද්භූත චරිතවලට පණ පෙවූ රංගන ශිල්පියකු ලෙස ජැවියර් බෝටේ හැඳින්විය හැකි යි.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර උපත ලැබූ, අඩි 6 අඟල් 6ක් උස මේ නළුවා හොලිවුඩයේ දැවැන්ත සිනමාපට සේම ෆැන්ටසි නිර්මාණ විශාල ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.
ජැවියර්, මාර්ෆන් සින්ඩ්‍රොම් නම් රෝගී තත්වයෙන් පීඩා විඳින අතර එම රෝගය සහිත පුද්ගලයින්ගේ සිරුරු කෙසඟ, උස සහ ඉතාමත් නම්‍යශීලි බැවින් අත්, පා සහ ඇඟිලි සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගු වීම ඔහුගේ වෘත්තීය දිවියට උපකාරී වී තිබෙනවා.
Mama චිත්‍රපටය සමඟින් හොලිවුඩයට පිවිසෙන ඔහු මේ වනවිට Insidious, Alien, The Conjuring වැනි ජනප්‍රිය ගණයේ අත්භූත සිනමාපටවල රඟපා තිබෙනවා. එසේම It, Mama, Slender Man වැනි චිත්‍රපට මෙන්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි නිර්මාණ ඔස්සේ කර්මාන්තය තුළ නමක් දිනා ගැනීමට ද ඔහුට හැකියාව ලැබුණා.
ඒ අනුව ජැවියර් වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නේ ස්ටෙෆන් කිංග්ගේ කෘතියක් ඇසුරින් නිමකළ It චිත්‍රපටයේ ලාදුරු රෝගියකුගේ චරිතය රඟපෑමෙනි.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් 8 වැනි ටෙලි මාලාවේ නොමළ හමුදාවේ සාමාජිකයකුගේ චරිතයට ද ඔහු පණ පෙවූ අතර ජැවියර් පවසන්නේ හොලිවුඩ් තරු සමඟින් මෙසේ වැඩ කරන්නට ලැබීම තමන් ලද ත්‍යාගයක් සේ දැනෙන බවයි.
https://mirrorarts.lk/news/5275-javier-botet-190527#sigProId66437528f4