උඩුකය නිරුවත් ඡායාරූප ලීක් වීම නිසා ජනප්‍රිය රැප් ගායිකාව අපහසුතාවයට
උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු රැප් ගායිකා ඉගී අසලියා, සිය සමාජ මාධ්‍ය ගිණුම් සියල්ලම අක්‍රිය කර තිබේ.
GQ සඟරාව සඳහා 2016 දී ගත් ඡායාරූප අතර මේවා තිබී ඇති නමුත් කිසිදිනක ප්‍රකාශයට පත් කර නොතිබුණි.
අනවසරයෙන් සිදු කළ මෙම ක්‍රියාව නිසා තමන් දැඩි අපහසුතාවයටත් කෝපයටත් පත්ව ඇති බව ඇය ප්‍රකාශ කර ඇත.
“මගේ ශරීරය ගැන පිරිමි අයගේ හිතේ මවාගත් දේ ප්‍රතිචාර විදියට පළ කරලා තියෙන එක ඇත්තටම මට ලොකු වදයක්. කවදා හරි ඔබ ඔබේ පවුල ඉදිරියේ හෝ ඔබට ආදරය කරන පිරිස ඉදිරියේ හෝ අවමානයට ලක් වෙලා තියෙනවා නම් ඔබට හිතාගන්න පුළුවන් වේවි මං පත්වෙලා ඉන්න තත්වය ගැන,” යනුවෙන් ඇය පවසා තිබේ.
එම ඡායාරූප ලබාගත් නිනෝ මුනොස් නම් ඡායාරූප ශිල්පියා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ “ඡායාරූප සොරකම් කර තමන්ගේ අනුමැතියකින් තොරව අන්තර්ජාලයේ පළ කර ඇති” බවයි.
සඟරාවේ පළ කිරීම සඳහා පින්තුර තෝරා ගත් පසු අනෙකුත් ඡායාරූප මකා නොදැමීම ගැන තමන් පුදුමයටත් කෝපයටත් පත් වූ බව ඉගී අසලියා පවසයි.
“දැනට මගේ ගිණුම් අක්‍රිය කර තැබීම තමයි හොඳම දේ.”