අජේ දේව්ගන්ගේ පියා, ප්‍රකට ක්‍රියාදාම අධ්යක්ෂ වීරු දේව්ගන් දිවියෙන් සමුගනියි
බොලිවුඩ් රංගන ශිල්පී අජේ දේව්ගන්ගේ පියා වන ප්‍රකට සටන් සහ ක්‍රියාදාම අධ්යක්ෂ වීරු දේව්ගන් අභාවප්‍රාප්ත වී තිබේ.
ටික දිනක සිට අසනීප තත්වයේ පසුවූ ඔහු 27 සඳුදා උදැසන මොලොවින් සමුගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශාරුක් ඛාන්, අයිශ්වර්යා රායි, අභිෂේක් බච්චන්, සංජේ දත්, සනි ඩියෝල් ඇතුළු ඉන්දීය සිනමාවේ සුප්‍රකට තරු රැසක් අවමංගල්‍ය උත්සවයට සහභාගී සිටි අතර වීරු දේව්ගන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) සවස මුම්බායි නුවරදී පැවැත්වෙනු ඇත.
බොලිවුඩයේ සිටි ප්‍රකට සටන් සහ ක්‍රියාදාම අධ්යක්ෂවරයෙක් වන වීරු දේව්ගන් සිනමා නිර්මාණ 80කට අධික සංඛ්‍යාවක් සඳහා සටන් අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය ලබා දී තිබේ.
එසේම ඔහු එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. ඒ 1999 දී නිෂ්පාදනය කළ “හින්දුස්ථාන් කී කසම්” චිත්‍රපටය යි.
https://mirrorarts.lk/news/5279-devgan-190528#sigProId7b5c0f6f31