-“මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව කෙසේ හෝ ඒත්තු ගන්වන්න ඔහුට වුවමනා වුණා. සහ ඔහු වෙන වෙලාවක නැවත එය සිදු කිරීමට උත්සහ කළා. තවත් වෙලාවක මගේ කාමරේ දොර කඩන්න ඔහු උත්සහ කළා. ඒ වෙලාවේ මම ජනේලෙන් එළියට පැනගෙන දිව්වා මොකද මම දැනගෙන හිටියා ඊට වැඩි දෙයක් සිදුවෙන්න යන බව.”-
රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් ලොව ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටින Ellen DeGeneres යොවුන් වියේ දී සුළු පියා අතින් අපයෝජනයට ලක්වූ ආකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කර තිබේ.
මෙම සිදුවීම ගැන 2005 දී පළමුවරට ඇය ප්‍රකාශ කළ නමුත් ඒ ගැන දැන් විස්තරාත්මකව පවසා සිටින්නට සිතුවේ “කිසිම පුද්ගලයකුට, කිසිමදාක එවැනි දෙයක් කිරීමට ඉඩ නොදෙන තත්වයට ගැහැණු ළමුන් කටයුතු කරනු දැකීමට වුවමනා නිසා” යැයි David Lettermanගේ මයි නෙක්ස්ට් ගෙස්ට් නීඩ්ස් නෝ ඉන්ට්‍රඩක්ෂන් නම් වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කර ඇත.
මවට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව දැනගැනීමෙන් පසු කාලයේ දී එනම්, Ellenගේ වයස අවුරුදු 15 හෝ 16 දී සුළු පියා විසින් ලිංගික අඩන්තේට්ටම් කළ බව ඇය ප්‍රකාශ කළා ය.
“ඔහු මට පැවසුවා.... ඇගේ(මවගේ) පියයුරේ ගැටිත්තක් ඇති බව දැනෙන නිසා මගේ පියයුරත් පිරික්සා බැලිය යුතු බව.”
සුළු පියා පළමු වරට තමන්ට අඩන්තේට්ටම් සිදු කළේ මව නගරයෙන් පිටතට ගිය අවස්ථාවක බව Ellen පැහැදිලි කළා ය.
“මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව කෙසේ හෝ ඒත්තු ගන්වන්න ඔහුට වුවමනා වුණා. සහ ඔහු වෙන වෙලාවක නැවත එය සිදු කිරීමට උත්සහ කළා. තවත් වෙලාවක මගේ කාමරේ දොර කඩන්න ඔහු උත්සහ කළා. ඒ වෙලාවේ මම ජනේලෙන් එළියට පැනගෙන දිව්වා මොකද මම දැනගෙන හිටියා ඊට වැඩි දෙයක් සිදුවෙන්න යන බව.”
“මම” ආරක්ෂා විය යුතුයි
සිය මවගේ හිත අවුල් කිරීමට අකමැති වූ නිසා මුලින් එය මවට නොකී බව Ellen පැවසුවා ය.
“මට ඇය ආරක්ෂා නොකර ඉන්න තිබුණේ,” Ellen කීවා ය. “කළ යුතුව තිබුණේ මම ආරක්ෂා වීම. වසර කිහිපයක් යනතෙක් මම මවට මේ ගැන කිව්වේ නැහැ ඊට පස්සේ මම ඇයට මේ ගැන කිව්වා. ඇය මා විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ ඉදිරි වසර 18ක කාලයක් ඇය(මව) සිටියේ ඔහුත් එක්ක.”
තමන්ගේ කතාව යොවුන් දැරියන්ට යම් ලෙසකින් ප්‍රයෝජනයක් වනු ඇති බවට 61 හැවිරිදි Ellen විශ්වාස කරයි.
“ඒ ගැන කතා කිරීමෙන් ඇති එකම ප්‍රයෝජනය එය පමණයි.”