ජැක්සන් ඇන්තනිගේ සිනමා සොකරිය මෙන්න
ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා නිර්මාණය “එකගෙයි සොකරි” මාධ්‍ය දැක්ම ඊයේ (29) දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණි.
උදාරි වර්ණකුලසුරිය, අකිල ධනුද්ධර, සජිත ඇන්තනි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරනු ලැබේ.
“එකගෙයි සොකරි” අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනය ජැක්සන් ඇන්තනි විසින් සිදු කර ඇති අතර කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, ඇඳුම් නිර්මාණය නිල්හාන් සෙනවිරත්න, කොණ්ඩ සහ වෙස් ගැන්වීම් හර්ෂ මංජුල, ඡායාරූප ධම්මික පතිරණ විසිනි.
මෙම සිනමා නිර්මාණය නුදුරේදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ.
















