JK රෝලින්ග් හැරී පොටර් ඊබුක් 4ක් එළිදක්වන්න සුදානම්
රසවත් මායා ඉතිහාසයේ ගැඹුරටම ගමන් කිරීමට පාඨකයන්ට ඉඩ හසර සලසා දෙමින් හැරී පොටර් ඊබුක් 4ක්, ලේඛිකා JK රෝලින්ග් විසින් එළඹෙන මාසයේ දී එළිදක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Pottermore නම් ඇගේ වෙබ්අඩවියේ මෙම කතා පෙළ පළ කිරීමට නියමිත යි.
පළමු පොත් දෙක ජූනි 27 වැනිදා නිකුත් කෙරෙන අතර අඳුරු මායාවන් ගෙන් ආරක්ෂා වන ආකාරය සහ මායා දියර සහ මායා ශාක පිළිබඳ විස්තර එමඟින් පැහැදිලි කෙරේ.
අනාගතය දැකීම, තාරකා ශාස්ත්‍රය සහ මායා සත්වයින් සමඟ ගණුදෙනු කරන ආකාරය ගැන කියවෙන තෙවැනි සහ සිව්වැනි පොත් ඉන් අනතුරුව නිකුත් කෙරෙන බව වාර්තා වේ.
මෙම කෘතීන් හතරෙහිම සිතුවම් නිර්මාණය කර ඇත්තේ රොහාන් ඩැනියල් ඊසන් විසින් වන අතර කෘතීන් ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි සහ ජර්මන් භාෂාවලින් එළිදැක්වේ.