“ජනතාව බෙදා වෙන් කරන දේශපාලකයෝ මට තිත්තයි”- එල්ටන් ජෝන්
බ්‍රෙක්සිට් (Brexit) නොහොත් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට එක්සත් රාජධානිය ගෙන යන ක්‍රියාවලිය නිසා තමන් එක්සත් රාජධානිය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව ප්‍රකට ගායන ශිල්පී එල්ටන් ජෝන් පවස යි.
ෆෙයාවෙල් යෙලෝ බ්‍රික් රෝඩ් නමින් සංවිධාන කෙරෙන ලෝක සංචාරයට එක්වෙමින් පසුගිය බදාදා ඉතාලියේ වෙරෝනා නුවර දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
“සිදු කළ දේ නිසා මම මගේ රට ගැන ලජ්ජාවට පත්වෙලා ඉන්නේ. මෙයින් ජනතාව බෙදා වෙන් කරනවා.... මට දේශපාලකයින් තිත්ත වෙලා ඉන්නේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය දේශපාලකයින්. මට බ්‍රෙක්සිට් තිත්ත වෙලා තියෙන්නේ. මම යුරෝපියානුවෙක්. මම අමන, යටත්විජිතවාදී, අධිරාජ්‍යවාදී එංගලන්ත මෝඩයෙක් නෙවෙයි.”
බ්‍රෙක්සිට් පිළිබඳ තමන්ගේ අකමැත්ත මින් පෙර ද එල්ටන් විසින් ප්‍රකාශ කර ඇත. ඒ 2018 වසරේ දී යි.
එදා සිට අද දක්වා නොවෙනස් ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින මේ ගායනවේදියාගේ පළමු චරිතාපදානය මෙම වසර අගදී එළිදැක්වීමට නියමිත යි.