Rocketman සමකාමි දර්ශන කපා දැම්මට එල්ටන් ජෝන්ගේ විරෝධය
සිය ජීවිත කතාව අළලා නිර්මාණය කරන ලද Rocketman සිනමාපටයේ සමකාමි දර්ශන ඉවත් කිරීමට රුසියානු සිනමා සමාගමක් ගත් තීරණය, ප්‍රකට ගායනවේදී එල්ටන් ජෝන් විසින් විවේචනයට ලක්කර තිබේ.
රුසියානු නීතිවලට අනුව යමින් අදාළ දර්ශන කපා දැමූ බව චිත්‍රපට බෙදාහරින සමාගමක් එරට Tass පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
දර්ශන කොටස් වාරණයට ගත් තීරණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් බ්‍රිතාන්‍ය ගායන ශිල්පියා සහ Rocketman සිනමා කෘතියේ නිර්මාණකරුවන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එල්ටන් ජෝන් ජනප්‍රිය කලාකරුවාගේ සංගීත දිවිය ගැන කියවෙන මෙම සිනමාපටයේ පුරුෂ ආලිංගන දර්ශන සහ 72 හැවිරිදි ඔහුගේ සැබෑ දිවියේ ස්වාමි පුරුෂයාගේ ඡායාරුපයක් (අවසන් දර්ශන) ඇතුලත් වේ.
මොස්කව් නුවර පැවැත්වුණු පෙර දැක්මකට එක්වූ එරට මාධ්‍යවේදින් වාර්තා කර තිබුණේ මිනිත්තු 5ක පමණ දර්ශන කොටස් චිත්‍රපටයෙන් කපා දමා ඇති බවයි.
Rocketman එළඹෙන බ්‍රහස්පතින්දා සිට රුසියාවේ සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.