ප්‍රවීන මාධ්‍යවේදී සුදත් මෙනේරිපිටිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන මාධ්‍යවේදියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු මෙන්ම කවියකු ද වන සුදත් මෙනේරිපිටිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 02ට කැස්බෑව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.
ඇත්ත, දිනමිණ, දිනකර, මවුබිම ඇතුළු පුවත්පත් කිහිපයක ම සේවය කර තිබූ සුදත් මෙනේරිපිටිය අවසන්වරට සේවයේ නියුතුව සිටියේ රාවය පුවත්පතේ ය.
කටුයහන, ඉත්තක පිපි මල්, වනාහි, බිඳුණු කැඩපත,කඩදාසි ඔටුනු, එසේ නොවුනි නම් ඇතුළු පොත් කිහිපයක්ම ඔහු විසින් ප්‍රකාශයට පත්කර තිබේ.