බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි Godzilla හිට් එකක් ද?
Godzilla: King of the Monsters සිනමාපටය ඉකුත් සතිඅන්තයේ ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහළටම පැමිණීමට සමත්ව තිබෙනවා. ඒ ඩිස්නි නිෂ්පාදනයක් වන ඇලඩින් දෙවැනි තැනට ඇද දමමින්.
මැයි මස 31 වැනිදා සිට ප්රදර්ශනය ආරම්භ කළ Godzilla, ඇමරිකානු ඩොලර් මිලියන 49 ක ආදයමක් මේ වනවිට ලබාගෙන ඇති බවයි තක්සේරු කර ඇත්තේ.
බොක්ස් ඔෆ්ස් වාර්තාවල ඉහළටම පැමිණි නමුත් විචාරක මතය වී ඇත්තේ මයිකල් ඩොගර්ති අධ්යක්ෂණයක් වන මෙම සිනමා නිර්මාණය බලාපොරොත්තු කඩ කරවන සුළු එකක් බවයි.
අමෙරිකානු ඩොලර් මිලියන 200ක අති විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති, වේරා ෆාමිගා සහ කයිල් චැන්ඩ්ලර් වැනි සුපිරි තරු රඟපෑ මේ නිර්මාණය කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටීම මිට හේතු වී තිබෙනවා.
එසේම මින්පෙර නිෂ්පාදනය කළ Godzilla (2014) සිනමාපටය තිරගත කළ පළමු දිනයේ ආදායම ඩොලර් මිලියන 93 කි.
Godzilla vs Kong සිනමාපටය එළඹෙන වසරේ දී එළි දැක්වීමට නියමිත යි.