දශක ගණනක් පුරා කලාවට නෑදෑකම් කියන අයිරාංගනී සේරසිංහ අලුත් අලි කතාවක් ගැන කියනවා.
ඇය කියන්නේ මේ පරිසරයට ආදරය කරන අලි ඇතන්ට ආදරය කරන සියලු දෙනා මේ අලි කතාව නැරඹිය යුතුබවයි.
ඇය කියන ඒ 'අලිකතාව' ළඟදීම ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවීමට නියමිතයි.
රාජු නම් වූ අවුරුදු දෙකහමාරක පමණ අලි පැටවකු වටා ගෙතී ඇති මේ කතාව රචනාකර තියෙන්නේ අභාවප්‍රාප්ත ලෙටීෂියා බොතේජු නවකතාකාරිය විසින් එය අලිකතාව නමින් චිත්‍රපටයට නගන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනුයි
“එකමත් එක කාලෙක අපේ රටේ එකමත් එක රජ කෙනෙක් රාජ්‍ය පාලනය කරා.
රට වැසියන් සතුටින් ජීවත් වුනත් රජුත් බිසවත් නිතර සිටියේ දුකෙන්. ඒ ඔවුන්ට දරුවෙක් නෙමැති කම නිසයි.
මේ අතර රට වැසියෝ රජුගේ සහ බිසවගේ පස් වැනි සංවත්සරය මහ ඉහළින් සමරන්න සූදානම් වුනා. නැටුම් ගැයුම් වලට ප්‍රසිද්ධියට පත්ව තිබුණු කින්නරකරුවන් නැටුම් කණ්ඩායමක් ද ගෙන්වීමට කටයුතු සූදානම්කරා . මෙම නැටුම් කණ්ඩායම මහ වනය මැදින් යද්දී ඔවුන්ගේ නඩේ ගුරා බීමත්ව විප්‍රකාර කරන්නට වුණ නිසා කුපිත වූ වන අලි ඔවුන්ට පහර දුන්නා.
සියල්ලෝ හිස් ලූ ලූ අත දුවන්නට වුණා. කුඩයක බහා සිටි සිය දරුවා සියතට ගන්ට ගිය මවක් ද දිවයන පිරිසට මැදිව ක්ලාන්තව ඇද වැටුනා.
ප්‍රහාරය සඳහා පැමිණි වන අලි යළි වනය තුළට යන අතර කුඩයේ හුන් දරු පැටවා හඬන්ට විය. ඇත් පෙළේ හුන් ඇතින්නියකට ඒ ළදරුවා කෙරෙහි සෙනෙහසක් හට ගත්තා. ඇතින්න ළදරුවා සහිත කුඩය පිට මත තබාගෙන වනයට යන්න ගියා.
මේ නිසා අතරමං වූ දරු පැටියාත් අලි පැටියාත් නිරුපද්‍රිතව වැඩෙන්නට පටන් ගත්තා....
කතාවේ ඉතිරි කොටස චිත්‍රපටයෙන් නරඹමු ….
සබැඳි පුවත්
අලි කතාව චිත්‍රපටයේ වැඩ නිමයි