ලොව වටා සිටින ස්වාධීන කෙටි චිත්‍රපට නිර්මාණකරැවන්ගේ චිත්‍රපට ඇගයුමට ලක්කෙරෙන චිත්‍රපට උළෙලක් වන “Euro Kino" Czech International Independent Film Festival 2017 සඳහා මේරට කෙටි චිත්‍රපට අධ්යකවරියකවන ලංකා බණ්ඩාරනායගේ "Tradition" නම් කෙටි චිත්‍රපටය සුදුසුකම් ලබා ඇතැයි මිරර් ආර්ට්ස් වෙත වාර්තා වේ.
ලංකා බණ්ඩාරනායක මෙරට වේදිකා නාට්‍ය බොහොමයකට දායක වී ඇති සම්මානනීය රංගන ශිල්පිනියක් වන අතර ඇයගේ නව ප්රවේයක් ලෙස කෙටි චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙන්නේ "Tradition" නම් කෙටි චිත්‍රපටය තුළිනි.
‘සාම්ප්‍රදායික මංගල ඇඳුමකින් සැරසෙන තරුණියක්ව මහලු ගැහැණියක් විසින් ඒ සඳහා සූදානම් කරවන්නේ, මංගල ආභරණ පැළඳවීමේ අර්ථයද එකින් එක පැහැදිලි කරමින්ය. ඒවායේ අර්ථයන් හරහා තරුණිය තම පැරණි පෙම්වතුන් සමඟ තිබූ සම්නන්ධතාවයන් වල ස්වාභාවය, ඒවා ඇගේ ජීවිතයට කල බලපෑම් සිහිකරයි. අවසානයේ ඇය සැබෑ ලෙසම යා යුතුව ඇත්තේ ඇගේ මංගල ගමන නොවේ...'
ලංකා වේ ගැහැණිය පිරිමින් සමඟ ඇතිවන සබඳතා වලදී ගැහැණියට මුහුණ දීමට සිදුවන විසංවාදය ‘Tradition’ කෙටි චිත්‍රපටය තුළ නිරූපිතය.’
මීට පෙරද ‘Tradition’ කෙටි චිත්‍රපටය Agenda 14 /Jaffna International Cinema Festival යන සිනමා උළේලවල් නියෝජනය කළ අතර National Youth cinematic Harvest 2016 - කෙටි චිත්‍රපට උළේලේදී දෙවන හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.