ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කළ රේඛාව නම් පර්යේෂණ ග්‍රන්ථය ජනවාරි 29 වනදා 6.30 කොළඹ රිගල් සිනමාහලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වේ.
ටවර්හොල් රඟහල පදනම විසින් මෙම රේඛාව 60 වස් සැමරුම් උළෙල සංවිධානය කරනු ලැබේ.
මෙරට සිනමාවේ ගමන්මග වෙනස් කළ මෙම එෙතිහෙසික කලා කෘතිය පිළිබඳව මෙබඳු ශාස්ත්‍රීය අධ්‍යනක් සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.
1956 වකවානුවේ මෙරට ඇතිවූ සාහිත්‍ය කලා ප්රබේධය තුළ මතු වූ සිනමා පුනර්ජීවය හා ඊට පසුබිම් වූ සංස්කෘතික, සමාජීය හා දේශපාලනික අනුබල කවරාකාරද යන්න මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළ විමර්ශනය කෙරේ.
‘පනස් හයේ රේඛාව’ ග්‍රන්ථය රචනා කරන අජීත් ගලප්පත්ති කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා කොළඹ, විශ්වවිද්‍යාලයෙන් ජනසංනිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ඇති අතර ජනසන්නිවේදනය පිළිබඳ පශ්ඡාත් උපාධිය සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා භාවිතය පිළිබඳව පර්යේෂණ කටයුතුවල නිරතව සිටී.
අජීත් ගලප්පත්තිගේ පනස් හයේ රේඛාව නුගේගොඩ, නුගේගොඩ, සරසවි ප්රකාශනයකි. ග්‍රන්ථයේ සාමාන්‍ය මිල රු. 650/- ක් වන අතර එදින් විශේෂ මිල රු.500/- කි.
සබැඳි පුවත්